රත්නපුර මැණික් පොකුර ඕනෑම කෙනෙකුට මිලදී ගන්න අවස්ථාව news

රත්නපුර මැණික් පොකුර ඕනෑම කෙනෙකුට මිලදී ගන්න අවස්ථාව
%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%BB+%E0%B6%95%E0%B6%B1%E0%B7%91%E0%B6%B8+%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රත්නදීපය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මැණික් ඇතුළු ස්වභාවික ඛනිජ සම්පත්වලට ලොව පුරා සුවිශේෂී කීර්තියක් උසුලනවා.

මෙතෙක් ලොව හමුවූ විශාලතම ස්වභාවික මැණික් පොකුර රත්නපුර - කහවත්ත ප්‍රදේශයෙන් හමුවන්නේ එවන් පසුබිමකයි.

රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මෙම මැණික් පොකුර මීට මාස 8කට පෙර සොයාගන්නා ලද එකක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන්කරගෙන සිටීමට හේතුවූයේ මෙම මැණිකෙහි වටිනාකම අධික වීම නිසා බවත් සභාපතිවරයා කියා සිටියා.

නිල් ආරුනූල් කොරන්ඩම් ස්පිටික වර්ගයට අයත් මෙම ප්‍රාථමික මැණික් පොකුර හමුවී ඇත්තේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි.

සිය නිවස පිටුපස ළිඳක් කැපීමේදී මෙම අසාමාන්‍ය මැණික් පොකුර ඔහුට හමුවී තිබුණා.

සෙරන්ඩිපිටි සෆායා ලෙස නම්කර ඇති මෙම ස්වභාවික මැණික් පොකුරේ බර කිලෝග්‍රෑම් 510ක් හෙවත් කැරට් මිලියන 2.5ක්.

මෙතෙක් ලොව හමුවූ විශාලතම තාරකා මැණික් වර්ගයට අයත් ස්වභාවික මැණික් පොකුර මෙයයි.

දුර්ලභ මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ජාත්‍යන්තර මැණික් විශේෂඥ ගාමිණී සොයිසා මහතා කියා සිටින්නේ ආසන්න වශයෙන් මෙය
ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට අධික වටිනාකමකින් යුක්ත බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Comments

Popular posts from this blog

පොහොර ආනයනය තහනම ඉවරයි..? බැසිල්ගෙන් නිවේදනයක් targetSL

කොවිඩ් නිසා ඉන්දු - ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය කල් යයි neWS