කොවිඩ් නිසා ඉන්දු - ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය කල් යයි neWS

 

පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉන්දියාවේ ANI ප්‍රවෘත්ති සේවය වාර්තාකරන පරිදි කෘනාල් පාන්ඩ්යා පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එම වාර්තා ලැබෙන තුරු ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත. 

මේ හේතුවෙන් අද දිනයේදී පැවත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති අතර සෙසු ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Comments

Popular posts from this blog

පොහොර ආනයනය තහනම ඉවරයි..? බැසිල්ගෙන් නිවේදනයක් targetSL

රත්නපුර මැණික් පොකුර ඕනෑම කෙනෙකුට මිලදී ගන්න අවස්ථාව news