Posts

Showing posts from August, 2021

නර්ස් නෝනාගෙන් ඉස්කෝලේ නෝනාට ලියුමක්

Image
ආදරණීය ඉස්කෝලේ නෝනා වෙත. අවුරුදු දෙකක් තිස්සේ උදේ රෑ මහන්සි වෙලා දැන් හොදටම මහන්සී. කෑම විනාඩි 15 ලැබුණු පුංචි විවේක වෙලාවේ තමයි මේ ලිපිය ලියන්න ඉදගත්තේ. දයාබර ගුරු අම්මේ, අපිට ගොඩක් මහන්සී. දැන් අවුරුදු දෙකක්, අපේ ජීවිතේ මේ වයිරසයෙන් උදුරගෙන ඉවරයි. අපේ දරුවෝ ලොකු වෙනවා. උන්ව අපි දකින්නේ දවස් තුනකට වගේ වතාවක්. ඒ දවසටත් අපිට එයාලා ලගට යන්න බයයි. පැය විසි හතරම ඇහැට නොපෙනෙන වයිරසයක් එක්ක, ඉටි රෙදි ඔතාගෙන, දාඩිය පෙරාගෙන ඔට්ටු වෙලා අපි දවස් තුනකට හතරකට සැරයක් අපේ දරුවෝ, ස්වාමියෝ, දෙමව්පියෝ බලන්න එන්නෙත් හිතේ ගොඩක් බයෙන්. අපිට මොනදේ උනත්, අපේ දරුවො, අම්මලාට අපෙන් කරදරයක් වුනොත් අපි ජීවත් වෙලා මොකටද? අපි අද මෙතන ඉන්නෙත් ඔබ වගේම ගුරු දෙවිවරුන් නිසා. කිසිම දාක ඒ දේ අමතක වෙන්නේ නෑ. අපි දන්නවා. ගුරුතුමියකගේ සේවය මිල කරන්න බෑ. ඔබට ප්‍රශ්න ඇති. ඒත් ඉල්ලීම් දිනාගන්න පොදි පිටින් පාරට බහින්න කලින්, 225 මට්ටු කරන්න කලින්, තව පොඩ්ඩක් අපි වෙනුවෙන්, අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉවසන්න පුලුවනිද. මේක බැගෑපත්ව කරන ඉල්ලීමක්. අපිටත් ආසයි ඉස්සර වගේ අපේ දරුවෝ එක්ක කාලේ ගත කරන්න. ගිය කාලේ රට වැහුවත්, ඔබලා ගෙවල් වල හි

පොහොර ආනයනය තහනම ඉවරයි..? බැසිල්ගෙන් නිවේදනයක් targetSL

Image
පොහොර ආනයනය තහනම ඉවරයි..? බැසිල්ගෙන් නිවේදනයක්..? මෙරටට රසායනික පොහොර ගෙන්වීමට පනවා තිබූ තහනම ඉවත්කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව සියලුම බැංකු වෙත නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන්ව ඇති බවයි. අගෝස්තු මස පළමු වැනිදා සිට පොහොර ආනයනය තහනම් ඉවත් කර ඇති බවත් බලපත්‍ර ක්‍රමයක් යටතේ රසායන පොහොර ගැනීමට හැකි බවත් එම නිවේදනය සඳහන්ව ඇතැයිද ඔහු පැවසීය. කෙසේ වෙතත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් වූ ගැසට් පත්‍රයක් අන්තර්ජාලයේ නොමැති බවද ඔහු කියා සිටියේය. මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න