Posts

Showing posts from July, 2021

රත්නපුර මැණික් පොකුර ඕනෑම කෙනෙකුට මිලදී ගන්න අවස්ථාව news

Image
රත්නපුර මැණික් පොකුර ඕනෑම කෙනෙකුට මිලදී ගන්න අවස්ථාව රත්නදීපය ලෙස විරුදාවලිය ලබා ඇති ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් මැණික් ඇතුළු ස්වභාවික ඛනිජ සම්පත්වලට ලොව පුරා සුවිශේෂී කීර්තියක් උසුලනවා. මෙතෙක් ලොව හමුවූ විශාලතම ස්වභාවික මැණික් පොකුර රත්නපුර - කහවත්ත ප්‍රදේශයෙන් හමුවන්නේ එවන් පසුබිමකයි. රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මෙම මැණික් පොකුර මීට මාස 8කට පෙර සොයාගන්නා ලද එකක් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ පවසනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම මාධ්‍යයෙන් වසන්කරගෙන සිටීමට හේතුවූයේ මෙම මැණිකෙහි වටිනාකම අධික වීම නිසා බවත් සභාපතිවරයා කියා සිටියා. නිල් ආරුනූල් කොරන්ඩම් ස්පිටික වර්ගයට අයත් මෙම ප්‍රාථමික මැණික් පොකුර හමුවී ඇත්තේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුටයි. සිය නිවස පිටුපස ළිඳක් කැපීමේදී මෙම අසාමාන්‍ය මැණික් පොකුර ඔහුට හමුවී තිබුණා. සෙරන්ඩිපිටි සෆායා ලෙස නම්කර ඇති මෙම ස්වභාවික මැණික් පොකුරේ බර කිලෝග්‍රෑම් 510ක් හෙවත් කැරට් මිලියන 2.5ක්. මෙතෙක් ලොව හමුවූ විශාලතම තාරකා මැණික් වර්ගයට අයත් ස්වභාවික මැණික් පොකුර මෙයයි. දුර්ලභ මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ ජාත්‍

කොවිඩ් නිසා ඉන්දු - ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය කල් යයි neWS

Image
  පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා. කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ඉන්දියාවේ ANI ප්‍රවෘත්ති සේවය වාර්තාකරන පරිදි කෘනාල් පාන්ඩ්යා පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර එම වාර්තා ලැබෙන තුරු ඔවුන් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇත.  මේ හේතුවෙන් අද දිනයේදී පැවත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය හෙට දිනය දක්වා කල් දමා ඇති අතර සෙසු ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව තරගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ඇත. මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න