නර්ස් නෝනාගෙන් ඉස්කෝලේ නෝනාට ලියුමක්
ආදරණීය ඉස්කෝලේ නෝනා වෙත. අවුරුදු දෙකක් තිස්සේ උදේ රෑ මහන්සි වෙලා දැන් හොදටම මහන්සී. කෑම විනාඩි 15 ලැබුණු පුංචි විවේක වෙලාවේ තමයි මේ ලිපිය ලියන්න ඉදගත්තේ. දයාබර ගුරු අම්මේ, අපිට ගොඩක් මහන්සී. දැන් අවුරුදු දෙකක්, අපේ ජීවිතේ මේ වයිරසයෙන් උදුරගෙන ඉවරයි. අපේ දරුවෝ ලොකු වෙනවා. උන්ව අපි දකින්නේ දවස් තුනකට වගේ වතාවක්. ඒ දවසටත් අපිට එයාලා ලගට යන්න බයයි. පැය විසි හතරම ඇහැට නොපෙනෙන වයිරසයක් එක්ක, ඉටි රෙදි ඔතාගෙන, දාඩිය පෙරාගෙන ඔට්ටු වෙලා අපි දවස් තුනකට හතරකට සැරයක් අපේ දරුවෝ, ස්වාමියෝ, දෙමව්පියෝ බලන්න එන්නෙත් හිතේ ගොඩක් බයෙන්. අපිට මොනදේ උනත්, අපේ දරුවො, අම්මලාට අපෙන් කරදරයක් වුනොත් අපි ජීවත් වෙලා මොකටද? අපි අද මෙතන ඉන්නෙත් ඔබ වගේම ගුරු දෙවිවරුන් නිසා. කිසිම දාක ඒ දේ අමතක වෙන්නේ නෑ. අපි දන්නවා. ගුරුතුමියකගේ සේවය මිල කරන්න බෑ. ඔබට ප්‍රශ්න ඇති. ඒත් ඉල්ලීම් දිනාගන්න පොදි පිටින් පාරට බහින්න කලින්, 225 මට්ටු කරන්න කලින්, තව පොඩ්ඩක් අපි වෙනුවෙන්, අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉවසන්න පුලුවනිද. මේක බැගෑපත්ව කරන ඉල්ලීමක්. අපිටත් ආසයි ඉස්සර වගේ අපේ දරුවෝ එක්ක කාලේ ගත කරන්න. ගිය කාලේ රට වැහුවත්, ඔබලා ගෙවල් වල හි